News

INSEE සමාගම කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ පරිත්‍යාග කරයි

June 13, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE
සිමෙන්ති සමාගම, කොලඹ ජාතික රෝහල (NHSL) සිදු කළ ඉල්ලීමකට අනුව,එහි දැඩි සත්කාර ඒකකය (MICU) වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීම පසුගිය දා සිදු කෙරිණි. එහි දී Noradrenaline Vials,CRRT කට්ටල, රුධිර ගෑස් කාට්රීජ (Blood Gas Cartridges), සංවේදක කාඩ්පත් (Sensor Cards), නාසෝගාස්ට්‍රික් ටියුබ (Nasogastric Tubes), මුත්‍රා කැතීටර (UrinaryCatheters), මිලි ලීටර් 10 සිරින්ජ, නිර්ජීවාණු ශල්‍ය අත්වැසුම් (Sterile SurgicalGloves) පරීක්ෂණ අත්වැසුම් (Examination Gloves) සහ චූෂණ උපකරණ (SuctionJars) ඇතුළු උපකරණ හා ඖෂධ රැසක් සැපයීමට INSEE සිමෙන්ති සමාගම විසින් කටයුතු කෙරුණු අතර, ඒ වෙනුවෙන් පසුගිය දා පැවැත්වුණු චාම්උත්සවයේ දී INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක හා බාහිර කටයුතු සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී චන්දන නානායක්කාර යන මහත්වරුන් විසින් කොලඹ ජාතික රෝහලේ වෛද්‍ය ඩිල්ෂාන් ප්‍රියංකර, වෛද්‍ය සජීවක හා හෙද ප්‍රධානී ශිරෝමිනී යන මහත්ම මහත්මීන් වෙත අදාළ වෛද්‍ය උපකරණ හා ඖෂධ තොගය නිල වශයෙන් භාරදීම සිදුකෙරුණි. මෙම වැඩසටහන මඟින් කොලඹ ජාතික රෝහලේ, වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව, අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැපයීම INSEE සිමෙන්ති සමාගමේ අරමුණයි.

එම අවස්ථාවේ දී INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා අදහස් දැක්වූයේ මේ අයුරිණි. “මෙම අවස්ථාවේ දී කොළඹ ජාතික රෝහල අප සමාගම කෙරෙහි විශ්වාසය තබමින් අපගේ සහය ඉල්ලා සිටීම අපට මහත් ගෞරවයක්. වර්තමානයේ රට තුළ පවතින දුෂ්කර සහ අභියෝගාත්මක තත්ත්වය නිසා ම මෙම වෛද්‍ය උපකරණ සහ ඖෂධ තොගය ඉතා ඉක්මණින් ලබා දීමට අපි කටයුතු කළා. ‘ජීවිතය වෙනුවෙන් ගොඩනඟමු’ කියන තේමාව මුල් කරගනිමින් ක්‍රියාත්මක වන සමාගමක් විදියට අසාධ්‍ය තත්ත්වයේ පසු වන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් දායක වීමට ලැබීම ගැන අපි හදවතින් ම සතුටු වෙනවා. ඒ වගේම වත්මන් අර්බුදයෙන් අපගේ ලක් මාතාව මුදා ගැනීමට අපි හැකි සෑම අවස්ථාවක දී ම කැප වන බව මම අවධාරණය කිරීමට කැමතියි.”INSEE සිමෙන්ති සමාගම මෙරට පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදාගැනීමට ශක්තියක් වෙමින්, ජනතාවගේ යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් කැපවී සිටින ආයතනයක් වන අතර, සාමාජීය හා පාරිසරික තිරසාර වැඩසටහන් රැසක් ද දියත් කරයි. කොවිඩ් වසංගතයේ උච්චතම

අවස්ථාවේ දී INSEE සිමෙන්ති සමාගම විසින් රෝහල්වලට අවශ්‍ය ඇඳන් සහ සෞඛ්‍ය සේවකයින්ට අත්‍යවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම වෙනුවෙන්පුළුල් වැඩසටහනක් දියත් කෙරිණි. එහි දී මහනුවර ජාතික රෝහලේ ඇඳන් 150 කින් යුත් නව වාට්ටුවක් ඉදිකිරීම සඳහා සිමෙන්ති ලබාදීම හා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට INSEE සිමෙන්ති සමාගම කටයුතු කළ බව සිහිපත් කළ යුතුමය. ඊට අමතරව කොවිඩ් කාලවකවානුවේ දී වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල,දකුණු කොළඹ ශික්ෂණ රෝහල හා දිවුලපිටිය මූලික රෝහල ඇතුළු රෝහල්ග ණනාවක පරිමාව ඉක්මවමින් වැඩි වූ රෝගීන්ට අවශ්‍ය ඉඩ පහසුකම් පුළුල්
කිරීම සඳහා සිමෙන්ති පරිත්‍යාග කිරීමට ද INSEE සිමෙන්ති සමාගම විසින්කටයුතු කරන ලදී.

A wide range of tests and equipment to assess fresh and hardened concrete properties

  • Specified Tests for Self-Compacting Concrete
    • Flow Table Test – BS EN 12350-5:2019
    • J-Ring Test – BS EN 12350-12:2010
    • V Funnel – BS EN 12350-09:2010
    • L Box – EN 12350
  • Slump test – BS EN 12350-2 and ASTM C143
  • Density of fresh concrete – ASTM C138
  • Air content in fresh concrete – ASTM 231
  • Concrete bleeding – ASTM 232
  • Concrete setting time – ASTM C403
  • Compressive Strength up to 180 MPa – Testing Machines (3000 & 4000KN) – Double the existing strength standards in Sri Lanka
  • NDT for Compressive Strength up to 130 MPa – Impact Rebound Hammers – Double the existing equipment capacity in Sri Lanka
  • Flexural Strength – ASTM C78 / BS EN 12390-5-2019
  • Splitting Resistance – ASTM C-496 / EN 12390-6 / EN 1338
  • Concrete Specimen Grinding Machine – BS EN 12390-2 2019/ ASTM D4543

A wide range of tests and equipment to assess and ensure your aggregate grade meets the demand and requirement of your concrete.

  • INSEE Measurement Tools
    • INSEE Blue™ – Assess clay content as key quality indicator for manufactured and natural pit sand
    • INSEE Shape™ – Assess the grain shape particles as key quality indicator for manufactured sand
  • Coarse and fine aggregate particles size distribution – ASTM C136 / C136M – 19 & BS EN 933-1
  • Relative Density and Absorption of Coarse Aggregates – ASTM C127-12
  • Aggregate Impact Value (AIV) – BS EN 1097-2:2010
  • Flakiness Index & Elongation Index – BS EN 933-3:2012
  • Soundness Test of Aggregates – SN EN 206-1
  • Aggregate Crushing Value (ACV)- BS EN 1097-2:2010
  • Los Angeles Abrasion Test – ASTM C 131-06

A range of tests to assess properties of fresh concrete that go beyond the traditional ‘slump test’, improving the quality and consistency of concrete.

  • INSEE Measurement Tools
    • INSEE Flow™
    • INSEE Heat™
    • INSEE Color™
    • INSEE ConTemp™
  • ICAR Rheometer for paste, mortar & concrete toassess pumpability, flow resistance, thickness, slump retention, admixtures compatibility
  • Grout for Pre-Stressing Tendons – BS EN 445 2007
  • Electrical Conductivity for paste & mortar
  • Cementometer™ latest microwave technology for the determination of fresh concrete water to cement w/c ratio

Advanced testing with durability indicators to optimize structural performance and extend the service life of concrete structures exposed to severe environments.

  • Rapid Chloride Permeability Test - ASTM C1202
  • Bulk Electrical Conductivity of Hardened Concrete - ASTM C1760-12
  • Specific Resistivity - RILEM TC154 - AASHTO T358
  • Concrete Carbonation - Swiss SIA 262-1/1 CEN/TS 12390-12
  • O2 Permeability - RILEM 116-PCD CEMBUREAU Method
  • Capillary Water Absorption/ Sorptivity - Swiss SIA 262/1:2013 ASTM C1585-04
  • Initial Surface Absorption (ISAT) - BS 1881 Part 5
  • Water Permeability - EN 12390-8:2000
  • Concrete Sulphate Resistance - SIA 262-1/A